• Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us

කඨින පෙරහැර

10/27/2019

0 Comments

 
කඨින චීවර පූජාව සැදැහැවත් උපාසක උපාසිකාවන්ට සිතුණු පමණින් කළ හැකි පින්කමක් නොවේ. ඒ සඳහා නියමිත කාලයක් ඇත. ඇසළ පොහෝ දිනට පසුදින වස් සමාදන් වන උපසපන් භික්‍ෂූන් වහන්සේලා, වප් පොහොය දිනයේදී වස් පවාරණය කරති. ඉන් පසු ව වප් (ඔක්තෝබර්) පොහොය දින සිට ඉල් (නොවැම්බර්) පොහොය දින දක්වා කාලය තුළ පමණක් මෙකී කඨින චීවර පූජා සිදුකර ගත හැක. මෙම මාස දෙක අතර කාලය, චීවර මාසය, යනුවෙන් හැඳින්වේ. එම මාසයක කාලය තුළ මෙම පින්කමට සහභාගි නොවුණහොත් තවත් වසරක් බලා සිටීමට සිදු වේ. කඨිනය යනු කුමක්ද?
කඨින යන වචනයේ තේරුම තද, ශක්තිමත් යන්න යි. මහ පොළව මෙන් කම්පා නොවන, මහාමේරුව මෙන් සුළඟින් නො සෙල්වෙන, වීදුරු පරිවතයක් මෙන් නොබිඳෙන, ඉතා ශක්තිමත් වූ දෙය කඨිනය නමින් හඳුන්වයි. මෙම පින්කමින් ලබන ආනිසංස එලෙස ම ශක්තිමත් කරගැනීමට තමන්ගේ මනස ද ශක්තිමත් කරගැනීම ඉතාමත් වැදගත් වේ. කඨින චීවරයක් පූජා කරන අවස්ථාවේ පූජා කරනු ලබන ඕනෑම පූජා වස්තුවක් පුදන අයට ද මහත් ඵල මහානිසංස ලබාගත හැක. කඨින චීවරය හා එහි වැදගත්කම
සාමාන්‍ය සිවුරක් පූජාකිරීමෙන් ලැබෙන අනුසස්වලට වඩා කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් අති විශාල ය. 
0 Comments



Leave a Reply.

    RSS Feed

Site powered by Weebly. Managed by LankaHost
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us