• Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us

අපවත්වී වදාල පුජ්‍යපාද කතළුවේ සුමේධ නායක ස්වාමින්වහන්සේගේ තුන්මස් දානමය පිංකම

2/5/2022

0 Comments

 
පානදුර ගොරකාන ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති විචිත්‍ර කථික පුජ්‍යපාද වලානේ සිරි සුමන ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි, විහාරධිපතිව වැඩසිට අපවත්වී වදාල පුජ්‍යපාද කතළුවේ සුමේධ නායක ස්වාමින්වහන්සේගේ තුන්මාස දානමය පිංකම 2022 පෙබරවාරි මස 5 වන දින බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක ධුරින අග්ගමහා පණ්ඩිත අතිපුජණිය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක ස්වාමින්වහන්සේ ප්‍රධාන මහා සංඝගත දක්ෂිනාවක් පැවැත්වුනි. ඒ පින්කමට සමගාමිව විහාරස්ථානයේ චෛත්‍ය රාජානයන් වහන්සේ වටා ඇති මල් ආසන ප්‍රතිසංස්කරණය කොට බුද්ධ ප්‍රතිමා තැන්පත් කර මහානායක මාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් විවෘත කරන ලදී. දායක සභාව සහ සංගමිත්තා කුලඟන සමිතිය මෙහෙයවීමෙන් පිංකම පැවැත්වුනි.

2022 පෙබරවාරි  පළමුවන දින පැවැත්වූ ධර්මදේශනය.

පුජ්‍යපාද කතලුවෙ සුමේධ නායක ස්වමීන් වහන්සෙගේ තුන්මස දානමය පින්කම වෙනුවෙන් පැවැත්වෙන සිව්දින ධර්මදෙශනා මාලාවේ පලමු ධර්මදේශනාව රත්මලානෙ මල්ලිකාරාමය, වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමය යන උභය විහාරාධ්පති ශ්‍රී ධර්මරක්ශිත මහා නිකයේ ජේෂ්ඨ කාරක සංඝ සභික රජකීය පණ්ඩිත අතිපුජනීය රනස්ගල්ලේ ‍ඤාණවීර නායක ස්වාමීන් ව්හන්සේ විසින් පැවැත්වුනි. 

2022 ​පෙබරවාරි  දෙවන  දින පැවැත්වූ ධර්මදේශනය.

​කොළඹ 7 සරණ පාරේ නාරද බෞද්ධ මධ්‍යාස්ථානය හා අනුරාධපුර ශ්‍රි රාහුල සෙනසුන් හා අලව්වේ ශ්‍රී පැනසීහ සෙනසුන් ආධිපත්‍ය දරණ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කථික අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ කාරක සංඝ සභික අතිපුජනිය තලල්ලේ චන්දකිත්ති ස්වාමින්වහන්සේ

​2022 ​පෙබරවාරි  හතරවන  දින පැවැත්වූ ධර්මදේශනය.​

හොරේතුඩුවේ විමලකිත්තියාරමාධිපති මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ සිටපු ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපුජණිය මැදඋයන්ගොඩ විජයකිත්ති නායක ස්වාමින්වහන්සේ විසින් පැවැත්වූ ධර්මදේශනය
0 Comments



Leave a Reply.

    RSS Feed

Site powered by Weebly. Managed by LankaHost
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us