• Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us

පන්සලේ සිමාමාලකය පිළිසකර කිරීම ආරම්භකිරිමේ උත්සවය

7/17/2020

0 Comments

විහාරාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ස්ථවීර යන්ගේගේ සහ විහාරාධිකාරී අතිපුජ්‍ය සිරිසුමන ස්ථවීරයන්ගේ උපදෙස් මත ජුලි මස 17 වන දිනට යෙදුන සුබ මොහොතින් වැඩ ආරම්භකරන ලදී.
0 Comments

විහාරාධිපති අතිපුජ්‍ය කතළුවේ සුමේධ ස්ථවීරයන්ගේ අනුඅට වන ජන්මදින උත්සවය .

5/10/2020

0 Comments

අතිපුජ්‍ය කතළුවේ සුමේධ ස්ථවීරයන්ගේ අනුඅට වන ජන්මදින උත්සවය 2020 මැයි මස දහවන දින විහාරස්ථානයේ දී පැවත්විනි.
කතලුවේ සුමේධ ස්ථවීරයන් තම අත් අකුරින් ලියන ලද ලිපියක් ඇසුරිනි.
අහංගම, කතලුවේ, කොටේගොඩදී ක්‍රි. ව. 1922 මැයි මස 10 වැනි දිනට යෙදී තිබුන වෙසක් මස පුරපසළොස්වක දින මෙලොව එළිය දුටහ. පියා ඒ. දිවියාගහගේ, මව එස්. සුදුවැලිකන්දගේ. පවුලේ සහෝදරයන් තුන් දෙනෙකු සහ සහෝදරියන් තිදෙනෙකි. සුමේධ ස්ථවීරයන් පවුලේ හතර වැන්නාය.එනම් පී. දිවියාගහගේ ය.ඉගෙනීම අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයෙනි. 1935 දෙසැම්බර් 2 වෙනිදා කතලුවේ බෝගහවත්තේ ශ්‍රී විජයසුන්දරාමාධිපති මතුරට, පේමරතන මාහිමිපාණන් වහන්සේගේ සිසුවකු හැටියට එම විහාරස්ථානයේ පැවිදි විය. උපාධ්‍යාය වූයේ කොළඹ වැල්ලවත්තේ, ශ්‍රී විජයාරාමාධිපති සාහිත්‍ය විශාරද පණ්ඩිත අහංගම ශ්‍රී පක්ඤාලෝක මාහිමිපාණන් වහන්සේය. උපසම්පදාවකෙ 1943 ජූලි මස 4 වෙනිදා වැලිගම, පැලෑනේ ගංගාරාමස්ථ උදකුකෙඩප සීමාමාලකයේදී ය. කර්මස්ථාචාර්යයන් වූයේ තංගල්ලේ වේදානන්ද මාහිමි, කඹුරුගමුවේ රතනජෝති මාහිමි, පණ්ඩිත කහදාවේ මහින්ද මාහිමි යන තුන් නමයි. උපසමපදාවේ දී උපාධ්‍යය වූයේ වේරහම්පිට සිරි රේවත මාහිමිපාණන් වහන්සේය.
එකල අප නිකායේ මහා නායකධුරය හොබවන ලද්දේ අතිගරු පැලෑනේ සිරිවජිරඥාණ මහා නායක මාහිමිපාණන් වහන්සේය. ස්වකීය ආචාර්ය පාද්‍යාණන් වහන්සේගෙන් මූලික අධ්‍යාපනය ලබා අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙන, අහංගම සිද්ධාර්ථ පිරිවෙන, ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන යන පිරිවෙන් වලිනි. 1958 දී විද්‍යෝදය සරසවිය පටන්ගැනීමේදී පළමුවෙන් ඇතුලත් වූ ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි, කතලුවේ සුමේධ ස්ථවීරයෝ.
1964දෙසැම්බර් 14 දින, ආචාර්ය පාද්‍යාණන් වහන්සේ අපවත් වූහ. අහංගම කලක් වාසය කොට ඉන්පසු පානදුරේ ගිම්පත ශ්‍රී සද්ධර්මරාජාරාමයට පැමිණියේ එහි අධිපති ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත, කතලුවේ. චන්දිම ස්වාමීන්වහන්සේගේ ඇරයුම පරිදිය. අවුරුදු 15ක් පමණ එහි වාසය කලෙය. . 1969-09-21 වන දින රත්මලානේ ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනට ගුරුවරයකු වශයෙන්1983-07-23 තෙක් එහි සේවය කෙලෙමි. 1978 ජනවාරි 28 වැනිදා මොරටුවේ, ගොරකානේ, ශ්‍රී ධර්මරක්ෂිතාරාමයට පැමිණියේ එහි අධිපති කපුගම ධම්මින්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ ඇරයුම පරිදිය. තරමක ගිලන් බැවින් වැඩසිටිය කපුගම ධම්මින්ද මාහිමිපාණන් වහන්සේට සියතින්ම උපස්ථාන කෙලෙමි. 1992 මාර්තු මාසයේ දඹදිව සියලු ස්ථාන වැඳපුදා ශ්‍රී ලංකාවට සැපත් විය. 1993 මාර්තු 10වැනි දින කපුගම ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු ගොරකානේ ශ්‍රී ධර්මරක්ශිතාරාමයට එදා රැස්වූ සංඝ සභාවත් දායක සභාවත් මා ධර්මරක්ශිතාරාමයේ අධිපති ධූරයට පත්කරගන්වන ලදී.
පැවිදි සහෝදර පිරිස.
1. අහංගම, කතලුවේ, පිරිවිජයසුන්දරාමාධිපති ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර අනුවිජජක පුජ්‍ය හබරාදුවේ, නන්දනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
2. පානදුරේ, ගිම්පත සිරි සද්ධර්ම රාජා රාමාධිපති ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පුජ්‍ය කතලුවේ චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ
3. ගාල්ලේ වැකුණාගොඩ ධර්මායතනාධිපති දෙහිවල සුබෝධාරමවාසී සාහිත්‍යාචාර්ය පුජ්‍ය බඹරැන්දේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
තෙරුවන් සරණයි.

0 Comments

විහාරාධිපති කතළුවේ සුමේධ ස්ථවීර යන්ගේගේ අනුඅට වන ජන්මදින උත්සවය

5/10/2020

Picture
​අප විහාරස්ථානයේ විහාරාධිපති කතළුවේ සුමේධ ස්ථවීර යන්ගේගේ අනුඅට වන ජන්මදින උත්සවය 2020 මැයි මස දහවන දින විහාරස්ථානයේ පැවත්විනි.

කතලුවේ සුමේධ ස්ථවීර චරිතය
 
තෙරුවන් සරණයි.    (කතලුවේ සුමේධ ස්ථවීරයන් තම අත් අකුරින් ලියන ලද ලිපියක් ඇසුරිනි.)

2020 මැයිමස 10 වන දින

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගොරකාන ග්‍රාමයට සහ රටට සෙත්පතා.

3/14/2020

Picture
​නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්තියත් සමග අප ග්‍රාමයට සහ ශ්‍රී ලංකාවට සෙත්පතා අප ගමෙහි සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඖෂධ පූජාවක් පැවැත්විනි. අප විහාරධිපති ගේ මග පෙන්වීමෙන් විහාරාධිකාරී වලානේ සිරි සුමන හිමියන් විසින් පැවැත්විනි.

අප විහාරස්ථානය ආරම්භකර අවුරුදු 115ක්  සම්පුර්න විය

3/9/2020

0 Comments

Picture
1905 වර්ෂයේ ආරම්භකල අප ශ්‍රී ධර්මරක්ෂිතාරාමය විහාරයට අද දින වසර 115 සම්පුර්න විය. 

2020 මාර්තු 09 වන දින

0 Comments

නව ධාතු මන්දීරය විවෘත කිරීම

3/7/2020

0 Comments

Picture
 නව ධාතු මන්ධිරය 2020 මාර්තු මස 07 වන දිනට යෙදුන සුබමොහොතින් විවෘත කරන ලදී. අප විහාරයේ විහාරාධිපතිගේ සහ විහාරාධිකාරී වලානේ  සුමන හිමියන්ගේ මග පෙන්වීම යටතේ මෙම ධාතු මන්දීරය දායක සහාව විසින් පිළිසකර කර සගසතුකර පුජා කරන ලදී.

0 Comments

ගොරකාන ප්‍රදේශ වාසීන්ට සහ විහාරවාසි ස්වාමින්වහන්සේලාට සෙත් පතා පැවැත්වූ විශේෂ පුජාව

2/21/2020

0 Comments

Picture
ගරු විහාරාධිකාරී වලානේසිරි සිරි සුමන ස්වාමීන්වහන්සේවගේ  මගපෙන්වීම යටතේ මෙම විශේෂ පුජාව පවත්වන ලදී. 
​මෙම විශේෂ පුජාව ව්‍යංජන 32 කින් සමන්විත වේ. 

0 Comments

කඨින පෙරහැර

10/27/2019

0 Comments

කඨින චීවර පූජාව සැදැහැවත් උපාසක උපාසිකාවන්ට සිතුණු පමණින් කළ හැකි පින්කමක් නොවේ. ඒ සඳහා නියමිත කාලයක් ඇත. ඇසළ පොහෝ දිනට පසුදින වස් සමාදන් වන උපසපන් භික්‍ෂූන් වහන්සේලා, වප් පොහොය දිනයේදී වස් පවාරණය කරති. ඉන් පසු ව වප් (ඔක්තෝබර්) පොහොය දින සිට ඉල් (නොවැම්බර්) පොහොය දින දක්වා කාලය තුළ පමණක් මෙකී කඨින චීවර පූජා සිදුකර ගත හැක. මෙම මාස දෙක අතර කාලය, චීවර මාසය, යනුවෙන් හැඳින්වේ. එම මාසයක කාලය තුළ මෙම පින්කමට සහභාගි නොවුණහොත් තවත් වසරක් බලා සිටීමට සිදු වේ. කඨිනය යනු කුමක්ද?
කඨින යන වචනයේ තේරුම තද, ශක්තිමත් යන්න යි. මහ පොළව මෙන් කම්පා නොවන, මහාමේරුව මෙන් සුළඟින් නො සෙල්වෙන, වීදුරු පරිවතයක් මෙන් නොබිඳෙන, ඉතා ශක්තිමත් වූ දෙය කඨිනය නමින් හඳුන්වයි. මෙම පින්කමින් ලබන ආනිසංස එලෙස ම ශක්තිමත් කරගැනීමට තමන්ගේ මනස ද ශක්තිමත් කරගැනීම ඉතාමත් වැදගත් වේ. කඨින චීවරයක් පූජා කරන අවස්ථාවේ පූජා කරනු ලබන ඕනෑම පූජා වස්තුවක් පුදන අයට ද මහත් ඵල මහානිසංස ලබාගත හැක. කඨින චීවරය හා එහි වැදගත්කම
සාමාන්‍ය සිවුරක් පූජාකිරීමෙන් ලැබෙන අනුසස්වලට වඩා කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් අති විශාල ය. 
0 Comments
Forward>>

    RSS Feed

Site powered by Weebly. Managed by LankaHost
  • Home
  • අපේ විත්ති
  • අතීතය
  • Contact us